කරන්දෙණිය සිරි පියතිස්ස දහම් පාසලෙන් සද්කාර්යයක්
- 2018-03-16 16:45:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනෙක් දහම් පාසල්වලටත් මහඟු ආදර්ශයක් දෙමින් කරන්දෙණිය උණගස්වෙල සිරිනිකේතනාරාමස්ථ සිරි පියතිස්ස දහම් පාසල මගින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට නව පාසල් වාරයට අවශ්‍ය පොත් පත් හා අනෙකුත් පාසල් උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා සිදුකෙරිණි.
සිරි පියතිස්ස දහම් පාසල් ප්‍රධානාචාර්යහ පිටිගල ධම්ම විනීත හිමියන්ගේ අදහසකට අනුව පියතිස්ස දහම් දරැ දැරියෝ මේ සද්කාර්යයේ නියැළුණහ.
සිය දහම් පාසල් 18 වැනි සංවත්සරය නිමිත්තෙන් ආරම්භ කරන ලද මේ සද්කාර්යය මින්පසු දිගටම කරගෙන යන බව ප්‍රධානාචාර්ය පිටිගල ධම්ම විනීත හිමියෝ පැවසූහ.
(කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත)

Reply To:
Name - Reply Comment
0 Comments