කරඹේ මහ විදුහලට පාපන්දු ජයක්
- 2019-04-23 17:48:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහව අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන යාපහුව, කරඹේ මහා විද්‍යාලයේ වයස අවුරැදු 18 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම මෙවර එම වයස් කාණ්ඩයේ මහව කලාප ශූරතාව හිමි කර ගෙන ඇත.
මෙවර මහව කලාපයේ දක්‍ෂතම ගෝල් රකින්නිය ලෙස සම්මාන හිමි කර ගනු ලැබුවේ කරඹේ විද්‍යාල කණ්ඩායමේ නායිකාව වන දුලාරි මදුවන්ති ක්‍රීඩිකාවයි.
පාපන්දු, ක්‍රීඩා ඇඳුම් හෝ ක්‍රීඩා පාවහන් පවා නොමැති තත්ත්වයක් යටතේ පාසලේ මවුපියන්, ප්‍රදේශයේ පරිත්‍යාගශීලින් ඇතුළු අයගේ උදවු ලබා ගනිමින් මෙම ජයග්‍රහණ හිමි කර ගැනීමට හැකි වූ බව පවසන පාසලේ ක්‍රීඩා භාර අාචාරිනි, කේ.එම්.අයි.කේ. බස්නායක මහත්මිය ප්‍රකාශ කරයි.
විදුහල්පති එච්.එම්. සිරිවර්ධන, පාසලේ ක්‍රීඩා සංවිධායක ප්‍රසන්න රාජපක්‍ෂ හා පුහුණුකරැ ජී.ඒ. නිහාල් රෝහිත ප්‍රනාන්දු යන මහත්වරැන්ගේ මග පෙන්වීම මෙම ජයග්‍රහණයට විශේෂයෙන් දායක වූ බවද කණ්ඩායමේ නායිකාව ප්‍රකාශ කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments