Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පොසොන් පොහොය නිමිත්තෙන් කලටුවාවත්ත පුරාණ විහාරස්ථ සිරි සීලවිමල දහම්පාසලේ සිසු සිසුවියන්ගේ  සැදැහැ ගී දහර බොදු ගී ප්‍රසංගය  කලටුවාවත්ත පුරාණ විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්වුණි. 
 දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා මවුපියන්ද ඉදිරිපත් කළ ගීතද ප්‍රසංගයට ඇතුළත්ව තිබිණි. දහම්පාසලේ ප්‍රධානාචාර්ය බෝමුගම්මන සරණසිරි හිමියන්ගේ උපදෙස් මත  මෙම ගී ප්‍රසංගය සංවිධානය කෙරිණි. විශාරද නාලක මන්තිලක මහතා ඇතුළු වාද්‍ය වෘන්දය මගින් ප්‍රසංගය සංගීතවත් කෙරිණි.
මෙම අවස්ථාවට කලටුවාවත්ත පුරාණ විහාරාධිපති හා දහම්පාසලේ නිර්මාතෘ පෝරේ සුමනසිරි නාහිමි,යටියන ඤාණාවාස අනුනාහිමි, මුල්ලේරියාවේ සුභූති නාහිමි ඇතුළු මහා සංඝරත්නයද, අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා (ශ්‍රි ජයවර්ධනපුර) යමුනා මහානාම මහත්මියද ,මවුපියෝ,සිසු සිසුවියෝ, ආචාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද සහභාගි වූහ.  
(සටහන - රැෂිරැ තරංග) 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.