කල්තොට දකුණු ඉවුර විද්‍යාලයට වසර 48 සැපිරෙයි
- 2018-05-18 15:20:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බලන්ගොඩ වැලිපත ර/කල්තොට දකුණු ඉවුර විද්‍යාලයේ 48 වැනි ජන්ම දිනය නිමිත්තෙන් විද්‍යාලයීය බෞද්ධ සංගමය හා ආචාර්ය මණ්ඩලය එක්ව පාසල් සංවර්ධන සමිතියේ සහයෝගයෙන් සංවිධානය කෙරැණු පින්කම් මාලාව පසුගියදා පැවැත්වුණි.
පහන් 250 ක් දල්වා විශේෂ ආලෝක සම්බුද්ධ පූජාවක් ද සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද පසුදින උදෑසන මහා සංඝ රත්නය විසි නමක් උදෙසා සාංඝික දානමය පින්කමක් ද පැවැත්වුණි. විදුහල්පතිනි පත්මා සමරනායක මහත්මියගේ උපදෙස් මත පැවැති මෙම පින්කම සඳහා බළන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පි.ජි.ආරියපාල මහතා, ගුරැ උපදේශක රවින්ද්‍ර මහතා, ටී.වී.විජේතිලක මහතා ඇතුළු ආදි ගුරැ, සිසු හා මවුපියෝ රුසක් සහභාගි වූහ.
(කල්තොට-බුදුගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments