කල්තොට දකුණු ඉවුර විද්‍යාලයේ සිසුන්ට සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණයක්
- 2018-12-05 16:16:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බලන්ගොඩ කල්තොට මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයේ පාසල්වල ක්‍රියාත්මක කරන පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරික්‍ෂණ වැඩමුළුවක් වැලිපත ර/කල්තොට දකුණු ඉවුර විද්‍යාලයේ දි පසුගිය දා පැවැත්වුණි.
එහිදි විද්‍යාලයීය 6 ශ්‍රේණියේ සිසුවියන් 12 ට මානව ගැබ්ගෙල පිළිකා එන්නත ලබා දීමත් , 7 ශ්‍රේණියේ සිසුන් 11 දෙනෙක්ට වැඩිහිටි ගලපටල එන්නත ලබා දීමත්, සිදු කළ අතර විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 175 ක් පමණ වෛද්‍ය පරීක්‍ෂණයට භාජන කෙරිණි. එහිදි හෘද අසාමාන්‍යතා ඇති දරැවන් 10 ක් පමණ හමු වූ අතර ඔවුහු වැඩිදුර ප්‍රතිකාර සඳහා බළන්ගොඩ මූලික රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනිණි.
මිට අමතරව මෙහිදි එන්නත් ලබාගැනීමේ වැදගත්කම,එහි අසාත්මිකතා,මුඛ හා දන්ත සෞඛ්‍ය,මානසික සෞඛ්‍ය,හා ක්‍ෂණික කෙටි ආහාර ගැනීමේ ආදීනව ගැන සිසුන්ගේ මවුපියන් දැනුම්වත් කෙරණි. මේ අවස්ථාවට බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නුර්ඩින් රිෆයිඩින් ,රජවක මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.ජි.එල් කරැණාදාස ,හා කල්තොට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අයි.නාලක ප්‍රදිප් යන මහත්වරැ සහභාගි වූහ.
(කල්තොට- බුදුගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments