කල්තොට රෝහණ විද්‍යාලයට ප්‍රථම ස්ථාන දෙකක්
- 2018-10-08 15:51:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බළන්ගොඩ අධ්‍යාපන කලාප ක්‍රීඩා 2018 තරගාවලියේ ප්‍රථම ස්ථාන දෙකක් ලබා ගැනිමට කල්තොට ගොවි ජනපදයේ දුෂ්කර පාසලක් වූ කල්තොට රෝහණ විද්‍යාලය සමත් විය. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේ දි අදාළ තරග පැවැත්විණි.
එහිදි 14 න් පහළ බාලිකා උස පැනිමේ තරගයෙන් ප්‍රථම ස්ථානය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පි.ඒ. ෂෙහානි හිමංසා දෙව්මිණි මැණිකේ ශිෂ්‍යාව ද එම වයස් කාණ්ඩයේම බාලක යගුලිය විසිකිරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටි.ඩි.එස්.ඉදුවර රත්නසිරි ශිෂ්‍යා ද දිනා ගැනිමට සමත් වු අතර ඔවුහු ඉදිරියේ පැවැත්වෙන සබරගමු පළාත් තරග සඳහා සුදුසුකම් ලබා සිටිති.
මේ පිළිබඳ අදහස් දැක්වු විදුහල්පති ඩී.පී.එම්.සනත් ධර්මරාජ මහතා පැවසුවේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය සඳහා ගුරැවරයෙකු නොමැති වුවත් දක්‍ෂතා ඇති සිසුන් සිටින බැවින් ක්‍රීඩා පිටිය ඇතුළු අනෙකුත් අඩුපාඩු සපුරා ගැනිමට හැකි වුවහොත් තවත් ජයග්‍රහණ ලබා ගැනීමට අවස්ථාව තිබෙන බවයි.
(කල්තොට- බුදුගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments