කල්තොට රෝහණ විද්‍යාලයේ මලීෂාට ගායන තරග ජයක්
- 2019-01-18 13:17:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා සංගීත තරගාවලියේ බලන්ගොඩ කලාප ඒකල ගායනා කනිෂ්ඨ අංශයේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා සබරගමු පළාත් තරගයට සුදුසුකම් ලැබීමට කල්තොට ගොවි ජනපදයේ බලන්ගොඩ කල්තොට රෝහණ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී.ඒ.මලීෂා දෙවන්මි ශිෂ්‍යාව සමත් වූවාය. අදාළ තරග බලන්ගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරස්ථානයේ පසුගිය දා පැවැත්වුණි.
විදුහල්පති පි.ඒ.එම්. සනත් ධර්මරාජ මහතාගේ උපදෙස් පරිදි සංගීත අාචාරිනී ජේ.එම්.පද්මිණි මංගලිකා ද සොයිසා මහත්මියගේ පුහුණු කිරීම් මත මෙම ජයග්‍රහණය ලබා ඇත. ගම්බද දරැවන් දක්‍ෂතාවන්ගෙන් අඩු යැයි සිතා නොසලකා හැර ඔවුන්ට තව තවත් පහසුකම් සලසන්නේ නම් ඔවුන් උපරිම දක්‍ෂතා කරා යොමු කළ හැකි බව එම විද්‍යාලයේ විදුහල්පතිතුමා තව දුරටත් ප්‍රකාශ කළේය.
(කල්තොට-බුමගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments