කහටරැප්ප 5 ශ්‍රේණියේ සිසුන්ගෙන් අත්කම් ප්‍රදර්ශනයක්
- 2018-03-06 13:53:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පස්සර අධ්‍යාපන කලාපයේ කහටරැප්ප මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දරැ දැරියන්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් පසුගියදා එම විද්‍යාලයේ දී පැවැත්වුණි.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ සිසු දරැදැරියන් පන්ති කාමර ඉගෙනුම් රටාවෙන් මුදා එම දරැදැරියන්ගේ සහජ දක්ෂතාව, නිර්මාණශීලි හැකියාවන් වර්ධනය කිරීම සිසුන්ගේ සතුට, විනෝදය, මානසික සුවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම නිර්මාණ ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
විදුහල්පති ආර්. එම්. ජයසිංහ මහතාගේ උපදෙස් ඇතිව ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිනි ආර්. එම්. සුමනාවතී මහත්මියගේ හා 5 ශ්‍රේණිය භාර ගුරැවරියන් වන ඩබ්. එම්. විජේලතා මංගලිකා හා ඩබ්. එම්. ලීලාවතී මහත්මීන්ගේ මගපෙන්වීම හා මෙහෙයවීම ඇතිව මෙය සංවිධානය කර තිබුණි.
(පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments