කළුතර දිසා බාලදක්ෂ රුළියට 1800 ක් එක්වෙති
- 2018-05-08 22:20:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුතර දිසා බාලදක්ෂ සංගමය මෙහෙය වූ 2018 කළුතර දිසා බාලදක්ෂ රුළිය පයාගල පොතුවිල මහා විදුහල් පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි.
ඒ සඳහා කළුතර දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු සිදුකරන සියලුම පාසල් නියෝජනය කරමින් බාලදක්ෂයෝ, බාලදක්ෂ බාලිකාවෝ, පෝතක බාලදක්ෂයෝ සහ සිඟිති බාලදක්ෂයෝ 1800 ක් ද ඔවුන්ගේ මවුපියෝ ද සහභාගි වූහ.
කඳවුරැ සඳහා සහභාගි වූ බාලදක්ෂයන්ගේ ආත්ම විශ්වාසය, හැකියාව සහ අභියෝග ජයගැනීම අරමුණු කොටගත් ක්‍රියාකාරකම් රුසක් මීට එක්කොට තිබුණි.
යුධ හමුදා පුහුණු අභ්‍යාසවල අත්දැකීම් බාලදක්ෂයන්ට විඳ ගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය උපදෙස් මත 582 වැනි බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් එස්. එම්. එස්. පී. බී. සමරකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිලධාරීන් සහ පසු නිලයන්ගේ සහභාගීත්වයෙන් මෙම බාලදක්ෂ රුලිය පැවැත්වුණි.
( කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments