කළුබෝවිල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2018-06-20 15:28:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපනයෙන් ඉදිරියට නිසි අරමුණු සිහි තබාගෙන යන ගමනේදී අතරමග දී හමුවන තාවකාලික රුකියා අවස්ථා ඉතා වැදගත් නොවන බව සිහිතබා ගෙන නිසි අරමුණක් කරා ඉලක්ක ගතව ගනු ලබන අයවලුන් හට සමාජයේ හොඳ ඉහළ තලයේ රුකියා අවස්ථා ලැබෙමින් තම ජීවිත ගමන සාර්ථක කරගැනීමට හැකිවනවා යැයි දෙහිවල රජමහා විහාරාධිපති පූජ්‍ය බුස්දුල්ලේ සිරිධම්ම හිමියෝ කළුබෝවිල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය මුලසුන දෙසුම සිදුකරමින් පැවසූහ.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී සුනන්දාරාමාධිපති දෙහිවල ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ ලංකානන්ද හිමිගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය සිසු සිසුවියෝ ආදි සිසුහු සංවිධානය කළහ.
මෙම අවස්ථාවට පියසේන හා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් රංජිත් පියසේන, කුසුමා කස්ත්‍රිආරච්චි, සංගීත විශාරද දයා නෙල්ලම්පිටිය, එච්. ඩී. ආරියදාස, මහාචාර්ය ගවින්ද හඳගොඩ, එන්. කේ. ජයරත්න, දනු ජයවීර, කුසල් අබේකෝන්, අමරසේන පීරිස්, හිටපු නාගරික මන්ත්‍රී චන්න විකුම්, ආර්. එස්. කොඩිකාර මහතා ඇතුළු විශේෂ ආරාධිතයෝ, මවුපියෝ ත්‍යාගලාභී සිසු සිසුවියෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(දෙහිවල - එච්. එම්. ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments