"කාබනික ගොවිතැනේ යෙදෙමු" චිත්‍ර තරගයදා
- 2016-11-22 21:53:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
"පරිසරය සුරකිමින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම සදහා කාබනික ගොවිතැනේ යෙදෙමු" යන තේමාව කර ගත් "රුහුණු රසාර කෘෂි නවෝදය 2016" අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමගාමිව පවත්වන ලද චිත්‍රතරගාලියේ කනිෂ්ට අංශයේ ප්‍රථම ස්ථානය මාතර රෝහණ මහ විද්‍යාලයේ කේ.ජී.දේවින්දී රසාංජනා හා ජේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය වැලිගම ශ්‍රීසුමංගල බාලිකා විද්‍යාලයේඊ.ඩබ්ලිව්.ගිත්මී වික්‍රමසිංහයන සිසුවියන් දිනා ගත්තාය.
ප්‍රදර්ශනයදින තුනක් මාතර තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල කෘෂි පර්යේෂන මධ්‍යස්ථාන භූමියේ දී පසුගියාදා පැවැත්විණි. කාබනික කෘෂි කර්මාන්තය ආශ්‍රිතව පවත්වන ලද චිත්‍රතරගයේ කනිෂ්ට අංශයේ දෙවැනි ස්ථානය මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ රොහාන් කුමුදිත සිසුවාට හා තෙවැනි ස්ථානය හක්මන නරවැල්පිට දකුණ විද්‍යාලයේ ඩබ්ලිව්.සුනීතා සෙව්වන්දී සිසුවියට හිමි විය.
ඊට අමතරව කනිෂ්ඨ අංශය නියෝජනය කල මාතර මහා විද්‍යාලයේ දසුන් දුලාර, දෙනිපිටිය මහා විද්‍යාලයේ ඊ.ඩබ්ලිව්.වරුණ ලක්මිණ, කරතොට කනිෂ්ට විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ.පවුලි ලහිරුණී විජේසිංහ, මාලිම්බඩ ශ්‍රී සුමේධ විද්‍යාලයේ ඊ.එම්.හිරුෂී කෙත්මිණී, කරතොට කනිෂ්ට විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ.කේ.මෙත්තාංග සමාධිනී,රෝහණ මහා විද්‍යාලයේ ටෙක්මි කෞශල්‍ය සන්ධීපනී, රෝහණ මහා විද්‍යාලයේ ඩබ්ලිව්.ලෙහාන් ලක්මාල්,ඒ.සන්තුෂ්,ඉනුපමා ඒ සදි කුමාරිහා අකුරුගොඩ මහා විද්‍යාලයේ ජී.ඩී.ජී.නිමේෂ් උදයංග යන සිසු සිසුවියන් කුසලතා සහතික දිනා ගන්නා ලදි. ජේෂ්ඨඅංශයේ දෙවැනි ස්ථානය ගොඩපිටිය කනිෂ්ට විද්‍යාලයේ යූ. කවිදු ලහිරුජිත්ද තෙවැනි ස්ථානය ඔෂානි ඉමේෂානි චන්ද්‍රසේකර යන සිසු සිසුවියන්ට හිමි විය.
එම අංශය නියෝජනය කල වැලිගම ශ්‍රීසුමංගල බාලිකා විද්‍යාලයේකේ.ජී.බුද්ධිමා රසාංජලී,ඊ.ඩබ්ලිව්.ගිත්මි වික්‍රමසිංහ,අකුරුගොඩ කනිෂ්ඨවිද්‍යාලයේජී.එස්.සිදුලක්ෂාන්, එම්. එස්. එන්. නිරිත ගිම්හාන, ජී.එන්. රේණුකකාවින්ද, කේ.ඒ. නුවන් තාරක යන සිසුවියන්ට කුසලතා සහතික හිමිවිණි. ජයග්‍රාහී සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතික ප්‍රධානය කිරීමේ අවස්ථාවට දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක, දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල ගමගේ, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමිත් අලහකෝන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක මහේෂ් සුබසිංහ, පළාත් අතිරේක අධ්‍යක්ෂක අයි.ඩී.ගුණවර්ධන, ගාල්ල කෘෂි කර්ම අධ්‍යක්ෂිකා අනූෂා පලිහවඩන, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා හර්ෂනී සිරිවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂක එම්.එම්.ඒ.ධර්මප්‍රිය, තෙලිජ්ජවිල ගොවිපල කළමනාකරු කේ.එම්.උභයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
පාසල් දරු දැරියන්ගේ නැටුම් ගැයුම් හා නාට්‍යයකින්මෙම උත්සවය වර්ණවත් විය.
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත බලන්න
Reply To:
Name - Reply Comment
0 Comments