Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෑගල්ල දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලිය කෑගල්ල වෑවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරස්ථානයේ දී පසුගියදා පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් හා කෑගල්ල දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්‍ෂ පූජ්‍ය බුලත්ගම උපනන්ද හිමියෝ පැවසූහ.
මෙම තරගාවලිය පූර්ව ප්‍රාථමික, ප්‍රාථමික, කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කාණ්ඩ හතරක් යටතේ පැවැත්වුණි. මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ මූලික පිරිවෙන් 17 ක් මහපිරිවෙන් 20 ක් හා විද්‍යායතන 05 ක ගිහිපැවිදි ශිෂ්‍යයෝ 600 කට ආසන්න පිරිසක් සහභාගි වූහ. සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කෑගල්ල, මාවනැල්ල හා දෙහිඕවිට අධ්‍යාපන කලාප කාර්යාලවල මූලිකත්වයෙන් සිදුකෙරිණ.
තරග ඉසව් 96 විනිශ්චය කිරිමට ගුරැ මහත්ම මහත්මීහු 130 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. පූර්ව ප්‍රාථමික, ප්‍රාථමික, මහපිරිවෙන් හා විද්‍යායතනවල පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලා ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.


(දමුණුපොළ චමින්ද ජයලත්)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.