කෑගල්ල දිසා බාලදක්ෂ රුලියට බාලදක්ෂ බාලදක්ෂිකාවෝ 1805ක් එති
- 2019-02-08 13:51:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල දිසා බාල දක්ෂ රුලිය සැප්තැම්බර් මස 21 සිට 24 දින දක්වා මාවනැල්ල බැද්දෙවල මහා විද්‍යාලයේ දී පැවැත්වුණි. මේ සඳහා පාසල් 58ක් නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවෝ 1805ක් සහ ගුරැවරැ ද 85 දෙනෙක් සහභාගි වී සිටියහ.
රුලිය සදහා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා ඇතුළු කොමසාරිස්වරැ ද සහභාගි වී සිටියහ. බාලදක්ෂ ශිල්පීය ක්‍රම හා ගිනි මැල සංදර්ශනයකින් ද බාලදක්ෂ රුලිය සමන්විත විය.
සමාප්ති අවස්ථාවට කෑගල්ල දිසා බාල දක්ෂ කොමසාරිස් ඒ. ඒ.යූ. නන්දලාල් මහතා සහභාගි විය. සහභාගි වූ බාලදක්ෂයන් සඳහා සහතික පත්‍ර පිරි නැමුණු අතර හොදම බාලදක්ෂ සමූහ (පිරිමි) ලෙස හෙම්මාතගම නගරගිරි විදුහලේ බාලදක්ෂයෝ ද ,හොඳම බාලදක්ෂ සමූහය (කාන්තා) ලෙස රඹුක්කන මුවපිටිය මහා විද්‍යාලයේ බාලදක්ෂිකාවෝද හිමි කර ගැනීමට සමත් වූහ.
දිසා කොමසාරිස් අභියෝගතා පරික්ෂණයෙන් රඹුක්කන දුනුකේවල මහා විද්‍යාලයේ කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය. බාලදක්ෂ සේවා සම්බන්ධතා සතිය නිමිත්තෙන් (යහපත් හා ගුණාත්මක) කෑගල්ල රංවල මහානාග විදුහල, මොලගොඩ ප්‍රාථමික විදුහල, රඹුක්කන අශෝක මහ විදුහල, මාවනැල්ල මයුරපාද ජාතික පාසල යන පාසල් ඇගයීමට පත් විය.
Reply To:
Name - Reply Comment
0 Comments