Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ පැවැත්වුණු 22 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියෙන් මීටර් 200 ධාවන තරගයේ ජයග්‍රහණය ලබා ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් රුගෙන පැමිණි කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විදුහලේ රැමේශිකා රත්නායක ශිෂ්‍යාව මහත් හරසරින් පිළිගැනීම පසුගියදා සිදුවිණි. එම ඇගයීම සූදානම් කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගිනි.
කෑගල්ල දිසාපතිවරයා ප්‍රධානව අමාත්‍යවරැ රුසකගේ සහභාගීත්වයෙන් කෑගල්ල නගරයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ආචාර පෙළපාළියකින් කැඳවාගෙන ගොස් ඇයට සමරැ තිළිණ ප්‍රදානය කර උපහාර දැක්වුණි.
මාවනැල්ල උස්සාපිටිය ප්‍රදේශයේ උපත ලබා ඇති රැමේශිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ උස්සාපිටිය බෝධිරාජ විදුහල, උස්සාපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වලිනි.
ඇයගේ අනාගත ඉලක්කය ලෙස අපට ප්‍රකාශ කළේ ඉදිරියේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළ හා පොදුරාජ්‍ය මාණ්ඩලයීය ක්‍රීඩා උලෙළ ජයග්‍රහණය කර රන් පදක්කමක් රටට රුගෙන ඒම බවය.
(කෑගල්ල - කපිල නන්දලාල්)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.