Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වර්තමානයේ විශාල පරිසර ගැටලුවක් බවට පත්ව තිබෙන පොලිතීන් හා සිලිකවර ප්‍රශ්නයටත් ඩෙංගු උවදුරටත් කදිම විසඳුමක් ලෙස කෑගල්ලේ පාසල් ළමයින් වෙනුවෙන් පරිසර හිතකාමී රෙදි බෑගයක් (උරයක්) හඳුන්වාදීමට කෑගල්ල සාන්ත මරියා විදුහල් සිසුන් හරිත බලකාය සමගින් කටයුතු කෙරිණි.
එම පරිසර හිතකාමී බෑගය ප්‍රථමයෙන් හඳුන්වාදීමේ හා බෙදාදීමේ අවස්ථාව කෑගල්ල සාන්ත මරියා විදුහලේ දී පසුගියදා පැවැත්වුණි. එම අවස්ථාවට බංගලාදේශ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරැ පිරිසක් ද සහභාගී වී සිටියහ.
සාන්ත මරියා විදුහලේ විදුහල්පතිනී හේමා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කෑගල්ල කලාප අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ එම්. ඒ. ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මිය ද සහභාගී වූ අතර ඇය ප්‍රකාශ කළේ මෙම පාසල් මගින් ප්‍රථම වරට හඳුන්වාදුන් මෙම පරිසර හිතකාමී රෙදි උරය රටේ සමස්ත පාසල් පද්ධතියටම හඳුන්වාදීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.
(කෑගල්ල - කපිල නන්දලාල්)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.