කෑගලු මහා විද්‍යාල වසර 75 සමර පිංකම් රැසක
- 2016-10-13 00:46:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගලු මහා විද්‍යාලයට වසර 75 ක් නිමිත්තෙන් හා ලෝක ළමා දිනය සමරමින් පසුගියදා පිණ්ඩපාත දානයක් සංවිධානය කර තිබුණි.
කෑගල්ල වෑවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට සාමනේර ස්වාමින් වහන්සේලා 75 නමක් කෑගල්ල නගර මධ්‍ය ඔස්සේ කෑගලු විද්‍යාලයට වැඩම කෙරිණ.
ස්වාමීන් වහන්සේලා වැඩම කරන අවස්ථාවේ දී කෑගල්ල නගර මධ්‍යයේ වෙළඳ ව්‍යාපාරික මහත්ම මහත්මීන් විසින් පෑන්, පැන්සල්, පොත් හා වියළි ආහාර ද පිළිගන්වන අයුරු දැක ගත හැකි විය. මෙම පිණ්ඩපාත දානයේ විශේෂත්වය වූයේ දානයට වැඩමකර සිටි සියලුම ස්වාමීන් වහන්සේලා සාමණේර හිමිවරුන් වන අතර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය අධ්‍යාපනික දව්‍ය වෙළඳ ව්‍යාපාරිකයින් විසින් පිළිගැන්විණ. විද්‍යාලයට වැඩම කරන ලද ස්වාමීන් වහන්සේලාට විද්‍යාලය මගින් දන් පිළිගැන් වූ අතර මෙම කටයුත්ත විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන් එක්ව සංවිධානය කර තිබුණි.

Reply To:
Name - Reply Comment
0 Comments