කිතුල්ගොඩ කනිෂ්ඨයේ ශිෂ්‍යනායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2018-06-20 15:42:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අගලවත්ත කිතුල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
2018 වසරේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එච්. එස්. චාමර ප්‍රසාද් හේවාවසම් ශිෂ්‍යයා සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කේ. තරැෂි සංජනා ශිෂ්‍යාව තේරී පත්වූ අතර යූ. එච්. චාමල් රංගන සහ බී. ඩී. රෝෂිණි සාරංගා උප ප්‍රධාන ශිෂ්‍යනායක සහ නායිකාව ලෙස තෝරා පත්කර ගන්නා ලදී.
මෙම අවස්ථාවට පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි ජී.ඩී. ලයනල් ප්‍රේමසිරි, මතුගම අධ්‍යාපන කලාපයේ නර්තන විෂය භාර ගුරැ උපදේශිකා ප්‍රියදර්ශනී පෙරේරා, රත්මල් කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති තුෂාර සමරසිංහ, වැදිකන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ධර්මදාස, කළුතර දිස්ත්‍රික් පරිසර සංවර්ධන නිලධාරිනි ලක්ෂ්මි, පරිසර නියමු භට කණ්ඩායම් භාර ආචාරිනි වයි. එම්. එන්. ජයරත්න, හිටපු විදුහල්පතිවරැ වන පී. ඩී. එල්. සමරනායක සහ එස්. ජී. කාන්ති යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
විදුහල්පති සිසිර කුමාර විතානගේ මහතා සමග නියෝජ්‍ය විදුහල්පතිනි එස්. අයි. විජේරත්න, ශිෂ්‍යනායක සංචිතය භාර ආචාරිනී කේ. එච්. ජී. මාලනි යන මහත්ම මහත්මීන්, ශිෂ්‍යනායක පිරිස සමග උත්සවයේ විවිධ අවස්ථා ඡායාරෑපයෙන් දැක්වේ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments