කියවීමේ මාසය නිමිති කරගත් චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි
- 2018-04-27 16:23:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් නිමිති කරගනිමින් හික්කඩුව නගර සභාව සහ මහජන පුස්තකාල පාඨක සමාජය මගින් නගර සභා බල ප්‍රදේශයේ පාසල් සිසුන් අතර පන්සල, පුස්තකාලය හා පරිසරය තේමා කරගනිමින් පැවැති චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත් ප්‍රදානය කිරීම හික්කඩුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ දී පසුගිය දා පැවැත්වුණි.
මෙහිදී ජයග්‍රාහකයන් තිස් දෙනෙකුට සහතික පත් ප්‍රදානය කෙරිණ.
පුස්තකාල පාඨක සමාජයේ අනුශාසක හික්කඩුවේ ගුණරතන හිමියන් ද පුස්තකාල පාඨක සමාජයේ උප සභාපති උපසේන කංකානම්ගේ, ලේකම් තිලකසිරි, පුස්තකාලාධිපති පුෂ්පා ජයසේකර, විශ්‍රාමලත් පාඨශාලාචාරි සීතා අලහකෝන්, චිත්‍ර ගුරැඋපදේශක සී. ආර්. යාපා යන මහත්ම මහත්මීහුද සහ නගර සභාවේ ප්‍රජා සංවර්ධන වත්සලා ලියනගේ මෙනවිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)
Reply To:
Name - Reply Comment
0 Comments