කිරම ධම්මානන්දයේ ද්විතීයික පාසලේ නායකත්ව පුහුණු කඳවුර දා
- 2017-09-18 15:30:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිරම ධම්මානන්ද ද්විතීයික පාසලේ සිසු දරැ දැරියන් සඳහා වූ නේවාසික නායකත්ව පුහුණු කඳවුරක් විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
පෞරැෂත්ව සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගනිමින් විශිෂ්ට නායකයකු සමාජගත වීම පිළිබඳව සුවිශේෂී වූ ක්‍රියාකාරකම් රුසකින් නේවාසික කඳවුර සමන්විත විය.
මෙම වැඩසටහන දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ තිස්සමහාරාම දෙබරවැව ළහිරැ සමාජ සංවර්ධන පදනමේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුණි.
මෙම අවස්ථාවට රැහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක තිස්සමහාරාමයේ මහානාම නායක හිමි, දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන්, විද්‍යාලයේ විදුහල්පති එම්. සිරිවර්ධන යන මහත්වරැන් ප්‍රමුඛ ආරාධිත අමුත්තෝ පිරිසක් ද, මවුපියෝ සිසු දරැ දැරියෝ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු විශෘල පිරිසක් සහභාගි වූහ.
(කිරම - ඩබ්. ඒ. නෙල්කා)
Reply To:
Name - Reply Comment
0 Comments