කිරිඇල්ල නැදුන් විහාරයේ දහම් පාසලක් ඇරඹේ
- 2018-09-14 11:29:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිරිඇල්ල නැදුන් විහාරයේ දී දහම් පාසලක් ආරම්භ කිරීම ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව පසුගියදා සිදුකෙරිණි. නැදුන් විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති උත්සවයට රත්නපුර සුධර්මපාල පිරිවෙන් හි ඉබන්ගොඩ නියෝජ්‍ය පරිවේණාධිපති මිල්ලව ලංකානන්ද හිමි, ශ්‍රී බෝධිරැක්ඛාරාම ආනන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රුටියල සුදස්ස හිමිද බෞද්ධ කටයුතු සමායෝජක ආර්. ඒ. ඩී. ටී. රණවක, පරිපාලන ග්‍රාම නිලධාරි නිමල් ජයවීර, ප්‍රධානාචාර්ය පී. ඒ. ජේ. දසනායක, කිරිඇල්ල ශ්‍රී මහින්ද දහම් පාසලේ නිර්මාතෘ පී. ඩී. පියතිස්ස, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති ඩී. ජී. ගුණපාල යන මහත්වරැ ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
මෙහිදී දසුන් වීරසිංහ මහතා විසින් ආරම්භක අවස්ථාවට සහභාගී වූ දරැවන්ට ලිපි ද්‍රව්‍ය ප්‍රදානයක් ද සිදු කෙරිණ. දහම්පාසලේ ආරම්භක අවස්ථාවේ සහභාගී වූ අයගේ සමූහ ඡායාරෑපයක් හා ලිපිද්‍රව්‍ය ප්‍රදානයේ ඡායාරෑපයක් ද මෙහි දැක්වේ.
(කිරිඇල්ල තිස්ස පාදුක්කගේ)
Reply To:
Name - Reply Comment
0 Comments