කිරිඳිවැල මධ්‍ය විද්‍යාලයට කථික ජයක්
- 2018-11-21 14:13:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කිරිඳිවැල ශාඛාව සංවිධානය කළ මහර හා දොම්පේ අධ්‍යාපන කොට්ඨාසවල අන්තර් පාසල් කථික තරගාවලියේ ශූරතාව ලකුණු 261 ලබාගත් කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය හිමිකරගත්තේය. පාසල් අටක ශිෂ්‍ය කණ්ඩායම් අටක් සහභාගී වු මෙම තරගාවලියේ අනුශූරතාව ලකුණු 256ක් ලබාගත් හේනේගම මධ්‍ය විද්‍යාලයට හිමිවිය. කිරිඳිවැල එම බැංකු පරිශ්‍රයේදී මෙම අවසන් තරග පැවැත්වුණි.
එම අවස්ථාවට කිරිදිවැල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි රණසිංහ, හේනේගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න , ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරී ටිරෝන් ගෝමස් , කිරිඳිවැල ශාඛා කළමනාකරැ චන්ද්‍රසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී වූහ.
තරගාවලියේ විනිසුරැවරැන් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ තිවංක රන්දුල පොද්දලගේ, චමිල කරැණාරත්න,කීර්ති පැස්කුවල් යන කථිකාචාර්යවරැ කටයුතු කළහ.
(කිරිදිවැල - උපාලි රණවීර)
Reply To:
Name - Reply Comment
0 Comments