කීනදෙණිය මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක නායිකාවෝ දිවුරැම් දෙති
- 2017-09-18 16:05:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඹේපුස්ස කීනදෙණිය මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරැම්දීමේ උත්සවය මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සමාජ විද්‍යාව ගුරැ උපදේශක එස්.ඒ.එස්.සී. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලය ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති එච්.පී.කරැණාරත්න මහතාගේ මෙහෙයවීම මත පැවති මෙම උත්සවයේදී නවක සිසු නියමුවෝ හතළිහක් පමණ දෙනා මෙහිදී දිවුරැම් දී ප්‍රතිඥාව කියවා විදුහලේ දියුණුවට උරදෙන බවට සපථ කළහ.
මීරිගම ඩී.ඇස්.සේනානායක ජාතික පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම බාර ආචාර්ය මේජර් රෝහණ සන්දනායක මහතා නවක සිසු නියමුවන් වෙනුවෙන් විශේෂ දේශනයක් පවත්වා ඔවුන් දැනුම්වත් කළේය. විද්‍යාලයීය ධර්මාචාර්ය දොරගල පියදස්ස හිමිෙයා් ආගමික වතාවත් සිදුකළහ. මේ අතර නවක සිසු නියමුවන් වෙනුවෙන් චමෝදි පබෝදා සිසුවිය කතාවක්ද පැවැත්වූවාය.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments