කුදිරමාලිය කනිෂ්ඨයේ වරැණට කථික තරග ජයක්
- 2018-05-18 14:01:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය සමස්ත ලංකා කථික තරගයෙන් ප්‍රථමස්ථානය හා රන් පදක්කම කුදිරමාලිය කනිෂ්ඨ විද්‍යාලයේ පී. ඩී. වරැණ ලක්ෂාන් සිසුවාට හිමිවිය.
එම තරගයේම ජාතික තරග රිදී පදක්කමක් ද වරැණ ලක්ෂාන් සිසුවා දිනාගත්තේය. මෙම සිසුවා කථික ක්‍රීඩා ආදි විවිධ ක්ෂේත්‍රවලින් පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රුසක් පාසලට අත්කර දීමට සමත්වීය.
එම විද්‍යාලයේම 06 ශ්‍රේණියේ පී. ඩී. සුපුණි ඉමාෂා සිසුවියද කථික තරගයේ දී සමස්ත ලංකා කුසලතා සහතිකයක් දිනාගෙන ඇත. ඇය වරැණ ලක්ෂාන්ගේ සොයුරියයි. විදුහල්පති ජේ. එච්. එම්. හේරත් බංඩා මහතාගේ උපදෙස් අනුව සිංහල අංශ ආචාරිනී, පී. එම්. කරැණාවතී මහත්මිය විසින් සිසුන් පුහුණුකර තරගවලට ඉදිරිපත් කෙරිණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ දී මෙම තරග පැවැත්වුණි.
(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
Reply To:
Name - Reply Comment
0 Comments