කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට
- 2017-03-31 22:21:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප්‍රසාද කාඩ්පත් රණවිරුවන් වෙත ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරූණෑගලදී පැවැත්විණි.
කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වෙත ගිය ජනාධිපති විද්‍යාලෙය් සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. විද්‍යාලයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීම ද ජනපතිවරයා අතින් සිදු විය.
ක්‍රිඩා කුසලතා දැක්වූ සිසුන් වෙනුවෙන් ද තිළිණ ප්‍රදානය කෙරිණි.
විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට ශිෂ්‍යත්වය ලබා දීම, ඉංග්‍රිසි අධ්‍යාපනය සහ ස්වයං රැකියා පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments