Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දී කාර්ය සාධක දර්ශකය අනුව ලංකාවේ තුන්වෙනි ස්ථානය හිමිකර ගත් කුලියාපිටිය - විශාඛා බාලිකා විද්‍යාලයේ එම ජයග්‍රහණය හිමිකර දුන් ශිෂ්‍යාවන් 61 දෙනා හා ගුරැ මහත්මීන් වෙත උපහාර පිරිනැමීම වයඹ ප්‍රධාන අමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරැණි.
එහිදී ලංකාවේ සිව්වෙනි ස්ථානය හා කුරැණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථමස්ථානය හිමිකර ගත් විද්‍යාලයේ, කසුනි හිරැණිකා බාලසූරිය දැරියට අමාත්‍යවරයා විසින් සම්මාන තිළිණ මහජන බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් මූල්‍යාධාර ද මෙහිදී පිරිනැමුණි. මෙම විද්‍යාලයේ නිර්මාතෘ, හිටපු ප්‍රධාන අමාත්‍ය, නීතිඥ අතුල විජේසිංහ මහතා විදුහල්පතිනි, රෑපිකා සත්කුමාර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙවර ශිෂ්‍යත්ව දිනාගත් විශාඛා විද්‍යාලයීය ශිෂ්‍යාවන් පිරිස ආචාර්ය මණ්ඩලයේ 5 ශ්‍රේණිය භාර (වමේ සිට) කල්‍යාණි හේරත්, විදුහල්පතිනි රෑපිකා සත්කුමාර, තලතා සමන්ලතා හා රෑපා රණසිංහ මහත්මීන් සමග.
( බිංගිරිය නාරද එස්. ඒකනායක)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.