කුලියාපිටිය ලංකා බැංකු විශ්‍රාමික සංගමයෙන් පන්නව ප්‍රාථමික විදුහලේ සිසුන්ට පාසල් උපකරණ
- 2018-06-07 16:32:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ කුලියාපිටිය කලාප සංගමයේ සාමාජික සාමාජිකාෙවා් පිරිසක් කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයේ දුෂ්කර ප්‍රාථමික විද්‍යාලයක් වන පන්නව ප්‍රාථමික විද්‍යාලයට පසුගිය දා නෑගම් පැමිණියහ. ඔවුන් එම විදුහල වෙත පැමිණියේ පාසලේ දරැවන්ට කියවීම සඳහා වටිනා ළමා පොත් තොගයක් හා පාසලේ සියලුම සිසුන්ට අභ්‍යාස පොත් හා පාසල් උපකරණ තොගයක්ද රුගෙනය. එම සංගමයේ ලේකම් විශ්‍රාමික කලාපීය සාමාන්‍යාධිකාරී මයිකල් සේනාරත්න මහතා විසින් පන්නව ප්‍රාථමික සිංහල විද්‍යාලයේ විදුහල්පති ජී.කේ. ජයසේන කන්දර මහතා වෙත ළමා පොත් තොගය භාර දුන් අතර සිසු සිසුවියන් සඳහා අභ්‍යාස පොත් බෙදා දීම එදින පැමිණි එම සංගමයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් අතින් සිදු කෙරිණි.
(කොබෙයිගනේ - නිමල් ප්‍රේමචන්ද්‍ර)
Reply To:
Name - Reply Comment
0 Comments