කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයෙන් මාතර කිතලගම කනිටු විදුහලට පොත්පත් පරිත්‍යාගයක්
- 2017-10-04 09:41:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගංවතුරින් මුළුමනින්ම විනාශයට පත් වූ මාතර කිතලගම කනිටු විදුහලේ පුස්තකාලයට අවශ්‍ය පොත් පත් පරිත්‍යාගයක් කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය මගින් කිතලගම කනිටු විද්‍යාල භූමියේ දී පසුගිය දා සිදු කෙරැණි.
පාසල් පුස්තකාලයට පොත් 300ක්, සිසු සිසුවියන්ට අවශ්‍ය පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය හා මූල්‍යමය ආධාරයක් ද මෙහිදී පරිත්‍යග කරන ලදී.
කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයීය විදුහල්පති අනුර මොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන්, රන්මලේ අරිය විසුද්ධි හිමියන්ගේ අනුශාසකත්වයෙන් විද්‍යාලයීය සිසු සිසුවියගේ පරිත්‍යාග මගින් මෙම
සද්ක්‍රියාව සිදු කෙරැණි.
මෙම අවස්ථාවට මාතර කිතලගම කනිටු විදුහලේ ගුරැවරැ, මවුපියෝ සිසුහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
(ශිරෝන් ස්වර්ණසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments