කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය දා
- 2017-11-17 19:50:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ 2016 වාර්ෂික ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය විද්‍යාලයීය පරිශ්‍රයේ දී පසුගිය දා සිදු කෙරිණි.
පාසල් මට්ටමින් නිපුණතා පාදක, විෂය ප්‍රවීණතා, හොඳම පැමිණීම සහ රිය නියාමක අංශවලින් ළමුන් 171 දෙනෙක් සහතික ලබා ගත්හ. විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම්වලින් කොට්ඨාස, කලාප, දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා හා ජාත්‍යන්තර ජයග්‍රහණ වෙනුවෙන් සිසුහු 344 දෙනෙක් ඇගයීමට ලක්වූහ. 2016 ජාත්‍යන්තර කනගාවා චිත්‍ර තරගයෙන් රගීත් රන්දීර පොත්තෙගොඩගේ සිසුවා, 2016 ජාත්‍යන්තර කරාතේ තරගාවලියෙන් රැසිරැ දෙනුවන් මීරියගල්ල සිසුවා රන් පදක්කමත්, එච්. පී. දුල්ෂාන් සමිත් හා අමීෂ ඉරෝෂන් සිසුහු රිදී පදක්කම් දිනා ගැනීම වෙනුවෙන් සහතික ලබාගත්හ. සමස්ත ලංකා මට්ටමින් කරාතේ තරග ජයගත් ළමුන් දස දෙනෙකු සහ සමස්ත ලංකා චිත්‍ර තරගවලින් ජය ලැබූ ළමුන් නව දෙනෙකු ඇගයුණි. පාසල් 486ක් නියෝජනය කළ 13 පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දිවයිනෙන් සිවුවැනි ස්ථානයට හිමි සම්මානය ද මෙම පාසල හිමි කරගෙන තිබිණි. ප්‍රාථමික ක්‍රීඩා උලෙළේ සමස්ත ලංකා සිවුවැනි ස්ථානය දිනා ගෙන තිබුණේ ද මෙම පාසලේ තුන්වැනි ශ්‍රේණියේ දරැවන් විසිනි.
බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. ඩබ්ලිව්. එන්. කේ. ඒකනායක මිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භාෂා සංස්කෘතික හා ප්‍රාසාංගික කලා අධ්‍යානාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිතාරා ධම්මජිනා කුමාරි වනසිංහ මිය, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය, පළාත් සභා මැති ඇමතිවරැ, නාගරික මන්ත්‍රීවරැ, සහ ආරාධිතයෝ රුසක් සහභාගි වූහ. ආරාධිත පාසල්වල විදුහල්පතිවරැ, හිටපු විදුහල්පතිවරැ, ගුරැවරැ මවුපියෝ සහ ආදි සිසුහු උත්සවයට පැමිණ සිටියහ.
2012 වසරේ සිට මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සිදු කරන මෙවර පැවැතියේ එහි පස්වැනි අදියරයි. විදුහල්පති අනුර මොහොට්ටි මහතාගේ මගපෙන්වී මෙන් සියලු කටයුතු සිදු කෙරැණි.
(ශිරෝන් ස්වර්ණසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments