කොල්ලූපිටිය මෙතෝදිස්ත විදුහලෙන් මෙතෝ ඡායා
- 2018-07-13 23:14:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ මාධ්‍ය ඒකකය සංවිධානය කළ &මෙතෝ ඡායා* ඡායාරෑප ප්‍රදර්ශනය හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අධ්‍යාපනඥ බන්දුල පී. දයාරත්න මහතා, කථිකාචාර්ය උදිත ගයාෂාන්, විදුහල්පතිනි හිරන්‍යා ප්‍රනාන්දු, උපවිදුහල්පතිනි නෙලුම් පෙරේරා, මාධ්‍ය ඒකකය භාර ගුරැවරැ වන මදාරා ප්‍රනාන්දු, ගයානී සමරසේකර, නිල ඡායාරෑප ශිල්පි රැවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු, ආරාධිත පාසල් දරැ දැරියෝ රුසක් සහභාගි වූහ.
මෙම තරගාවලියේ විද්‍යාලයේ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය, ලිනායා ගුණසේකර, දෙවැනි ස්ථානය චමින්ද්‍රනී වර්ණකුලසූරිය, තුන්වැනි ස්ථානය ලිනායා ගුණසේකර මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය තරගාවලියේ පළමු සහ තුන්වැනි ස්ථානය ඒ. එන්.ප්‍රනාන්දු, දෙවැනි ස්ථානය සුපුනී මධූනී ද, අන්තර් පාඨශාලීය තරගයේ ප්‍රථම ස්ථානය නාලන්දා විද්‍යාලයේ එනුක ජයලත්, දෙවැනි ස්ථානය ඩී. එස්. විද්‍යාලයේ එම්. එන්. ජහාසාන් අහමන්ඩ්, තුන්වැනි ස්ථානය ශාන්ත තෝමස් විද්‍යාලයේ නෙතක සිරිවර්ධන යන සිසු සිසුවියෝ හිමිකර ගත්හ.
මෙහිදී ඇගයීම් සඳහා නයෝමි ප්‍රනාන්දු, ලිනායා ගුණසේකර, නිකෝලා විජේසිංහ, යූ. සුපුනි මධුනී, එම්. මොහොමඩ් අෆ්රා, අමන්දි තාරැකා, බී. එස්. විජේනායක, මලිතා ශාමින්ද්‍රා, චේතිය ලක්ෂාන් ඩයස් යන සිසු සිසුවියෝ තේරී පත්වූහ.
විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සභාපතිනිය ලෙස තබිතා ගුණරත්න, ලේකම් තරැෂි ගෝමස්, උප සභාපති ලක්ෂානී ප්‍රනාන්දු, භාණ්ඩාගාරික චමෝදී යන සිසුවියෝ කටයුතු කරති.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments