කොස්සින්න ශ්‍රී සීලානන්දගම නව ශිෂ්‍යනායක මණ්ලඩයක්
- 2017-10-17 12:03:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගණේමුල්ල කොස්සින්න ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක අභිෂේක මංගල්‍යය විදුහල්පති එච් එම් සාලින්ද කුමාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.
ප්‍රාථමික, කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශ නියෝජනය කරමින් සිසුවන් 40 දෙනෙක් ශිෂ්‍යනායක, නායිකාවෝ ලෙස දිවුරැම් දුන්හ. ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස කවිඳු ගයා ශාන්ත් සිසුවා ද ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස දිල්කි ගනේෂා සිසුවිය ද ශිෂ්‍යනායක පදක්කම් පැලඳියහ. නිල ලාංඡන පැලඳවීම ගණේමුල්ල මහජන බැංකුවේ කළමනාකාර ආර්. යු. ඩබ්ලිව්. කේ. දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.
විදුහලේ නර්තන අංශය ඉදිරිපත් කළ අංගවලින් උලෙළ වර්ණවත් විණි. මේ අවස්ථාවට නියෝජ්‍ය විදුහල්පතිනී බී. ඒ. යූ. කුමාරි, ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය දේවප්‍රිය, අරැණි ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු ගුරැ මණ්ඩලය හා මවුපියෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ගණේමුල්ල - බුද්ධි බොල්ලත)
Reply To:
Name - Reply Comment
0 Comments