කොළඹ , ආනන්ද බාලිකා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය දා
- 2019-07-12 10:51:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ 10, ආනන්ද බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය එහි මහ ලේකම්, වත්මන් විදුහල්පතිනි අනෝමා දහනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහාබෝධි ශ්‍රවණාගාරයේදී පවැත්වුණි. වත්මන් පාර්ලිමේන්තුවේ පවතින සම්ප්‍රදායට අනුව යමින් පැවැති මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඇමැතිවරියෝ, නියෝජ්‍ය ඇමැතිවරියෝ හා මන්ත්‍රීවරියෝ, මහලේකම්තුමිය ඉදිරියේදී දිවුරැම් දුන්හ.
විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රධානීන් ලෙස අනෝමා ඩයස්, ශිරානි මල්කාන්ති හා චම්පා මල්කාන්ති යන ගුරැවරියෝ කටයුතු කළහ. මෙහිදී අදහස් දැක්වූ මහ ලේකම්, විදුහල්පතිනි අනෝමා දහනායක මහත්මිය පැවැසූවේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම විද්‍යාලයේ දියුණුව සඳහා යොදවාගන්නා බවය. එසේම ඇමැතිවරියන්ට හා නියෝජ්‍ය ඇමැතිවරියන්ට මෙහිදී විශාල වගකීමක් පැවැරී ඇති බවත්, ඔවුන්ට මුල සිටම පරිපාලන කටයුතුවලට පුහුණුවක් මෙමගින් ලබාගත හැකි බවත්ය. එහිදී පාර්ලිමේන්තුවේ මෙන් පක්‍ෂ මෙහි නොමැති බවත්, එහෙත් විවේචන, වාදවිවාද විද්‍යාලයේ දියුණුවට අවශ්‍ය බවත් මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවැසුවාය.
Reply To:
Name - Reply Comment
0 Comments