කොළඹ ගෝතමී බාලිකාවේ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවෝ දිවුරුම් දෙති
- 2019-11-22 13:37:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍යනායිකා නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මාධ්‍යවේදී ශෂික ජයතිලක, විදුහල්පතිනි සුභාශීනි දෙමටගොඩ, නියෝජ්‍ය විදුහල්පතිවරැන් වන ගයනී මාතර ආරච්චි, සුමේදා සමරදිවාකර, එල්.කේ.ආර්.ප්‍රියදර්ශනි, සහකාර විදුහල්පතිනි නිශාන්ති ගමගේ, ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය කුසුම් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ද, ශිෂ්‍යාවෝ සහ මාපියෝ රුසක් සහභාගී වූහ.
මෙවර ශිෂ්‍ය නායිකාවෝ 84 දෙනෙක් නිල ලාංඡන පැලඳියහ. පසුගිය වසර සඳහා තේරී පත්වූ ශිෂ්‍ය නායිකාවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments