Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඌව පළාතේ පාසල්වල ගණිත අධ්‍යාපනය හා තොරතුරැ තාක්ෂණය විෂයයන් සංවර්ධනය කිරීමේ අරමුණින් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කෙරැණු ‘මාර්ගගත %අපේ ගණිත පාසල’ පරිගණක වැඩසටහන හා තොරතුරැ තාක්ෂණ වෙබ් අඩවිය ආරම්භ කිරීම ඌව පළාත් ප්‍රධාන ලේකම්  පී.බී විජේරත්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ ප්‍ර‍ධානත්වයෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදී පසුගියදා සිදුකෙරිණි.
පළාතේ පාසල්වල 6- 11 වසරවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට විෂය නිර්දේශයට අනුව ගණිත අභ්‍යාස වේග පරීක්ෂණයක් ලෙස යොදා ගනිමින් ඌව පළාතේ ගණිත සාධන මට්ටම ඉහළ දැමීම ‘%අපේ ගණිත පාසල’ වැඩසටහනේ අරමුණ වේ. 
එසේම තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ විෂයයේ තිබෙන ගැටලු  හා ඒ පිළිබඳව වැඩිදුරටත් ඉගෙනීමට ict forum නම් වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. අන්තර්ජාලය භාවිතයෙන් www.edudept.up.gov.lk යන ලිපිනය මඟින් මෙම විෂයයන් ඉගෙනීමට හැකි වේ.
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්. පියදාස රත්නායක මහතාගේ සංකල්පයක් මත ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියගේ මෙහෙයවීමෙන් නිර්මාණය වූ වෙබ් අඩවිය පළාත් ප්‍රධාන ලේකම්  පී.බී විජේරත්න මහතා අතින් ආරම්භ කෙරිණ.


 ( හාලිඇල- විජේරත්න රත්නායක )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.