ගන්දර අල් අස්හර් විදුහලේ ශිෂ්‍යනායකයන්ට නිල ලාංඡන
- 2018-08-02 11:55:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගන්දර අල් අස්හර් විදුහලේ 2018 වසරේ ශිෂ්‍යනායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ දිනය උත්සවාකාරයෙන් පැවැත්වුණි.
අල් අස්හර් විදුහල්පති අල්හාජ් එම්. ආර්. එම්. අස්ලම්, කොට්ඨාසද අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජේ. කේ. රත්නා බෞද්ධ කටයුතු ගුරැ උපදේශක ඩී. ඒ. සමන් චන්දන, වාච්ච කනිටු විදුහල්පති පූජිත ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු අල් අස්හර් විදුහලේ ගුරැ සිසු දෙපිරිස ද, මවුපියෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එම්. ඒ. එම්. අෆ්රාඩ් ද ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස එන්. ඩබ්. පී. අජාරා ද උප ශිෂ්‍යනායක නායිකාවන් ලෙස ඒ. එච්. එම්. මීරාස් , එම්. එෆ්. එස්. හත්සාර් යන සිසු සිසුවියෝ ද තවත් ශිෂ්‍ය පිරිසක් ද නව ශිෂ්‍යනායක පිරිස අතරවූහ.
(දෙවිනුවර දම්සිරි කරැණානායක)
Reply To:
Name - Reply Comment
0 Comments