ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සාපෙළ විශිෂ්ටයන් ඇගැයුම්
- 2018-06-08 14:36:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍ය පෙළ ) විභාගයෙන් දිවයිනෙහි ප්‍රථම ස්ථාන දෙකක් ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සිසුවියන් දෙදෙනෙක්ට හිමිව ඇත්තේ විදුහලේ ඉතිහාසයට නව වාර්තාවක් එක්කරමිනි. එම සිසුවියන් දෙදෙනා ඇතුළු %ඒ» සාමාර්ථ 9 ක් හිමි කරගත් සිසු සිසුවියන් 189 දෙනා සඳහා ඇගැයීමේ උත්සවයක් එම විදුහලේදී පැවැත්වුණි. විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මියගේ ආරාධනය පරිදි මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතාය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් ප්‍රථමයන් වූ කසුනි සංහනා තත්සරණී ( ඉංග්‍රීසි මාධ්‍ය ) සහ චමෝදි රවීසා සුබසිංහ (සිංහල මාධ්‍ය) දෙදෙනාත් පසුගිය උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් 5 වැනි සහ 9 වැනි ස්ථාන සහිත සාමාර්ථ්‍ය හිමිකරගත් සඳුනී උමයංගනී (තාක්ෂණ) සහ දිලුක්ෂිකා පෙරේරා ( වාණිජ ) යන සිසුවියන් ඇතුළු මෙවර “ඒ” 9 සාමාර්ථ හිමි කරගත් සිසුවියන් 189 දෙනාත් සමගින් ආරාධිතයන් විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය විසින් උත්සවයට කැඳවා ගෙන එනු ලැබිණි.
මෙලෙස ඉහළ සාමාර්ථ්‍ය හිමි කරගනිමින් “රන්වැලි” යට ඉහළම ගෞරවයක් ලබා දුන් සිසු දැරියන්ට විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් මුදල් ත්‍යාග ප්‍රදානයක් සහ සෙසු සිසුවියන් හට විදුහල වෙතින් සහතිකපත් හා තිළිණ ප්‍රදානය කිරීමද සිදු කෙරිණි. මෙම උත්සව අවස්ථාවට විදුහලේ සිසුවියෝ , නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරැ, අංශ හා පන්ති භාර ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය සහ විද්‍යාලයීය ආදි සිසුවියෝද සුබ පතන්නෝ හා මවුපිය පිරිසක්ද එක්ව සිටියහ.
(තිලකරත්න දිසානායක සහ අරැණ එස් කුමාර )
Reply To:
Name - Reply Comment
0 Comments