Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල ජනාධිපති විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රායෝගික විද්‍යා අධ්‍යාපනික වැඩසටහන විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි. “විද්‍යා දීපය දල්වා” යනුවෙන් නම් කර තිබූ මෙම වැඩසටහන සඳහා අවට බාලිකා පාසල් කිහිපයකටද ආරාධනා කර තිබූ අතර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සභාවේ 2018 විද්‍යා ව්‍යාප්ති කමිටුවේ උපදේශකත්වය යටතේ වැඩසටහන සංවිධානය කර තිබිණි. 
එහිදී විවිධ වයස් කාණ්ඩවල සිසු සිසුවියන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද වැඩසටහන් රුසක් ක්‍රියාත්මක කෙරිණි. උසස් පෙළ හදාරන ශිෂ්‍යාවන් අතර විද්‍යා විෂයයන් ප්‍රචලිත කිරීම සඳහා දේශන කිහිපයක් ද ප්‍රායෝගික පරීක්ෂණ වැඩසටහනක් ද පැවැත්වුණි.  නිවැරදි පෝෂණය, රසායන විද්‍යාව, ඩී එන් ඒ අණු හා ජීවයේ පදනම යන මාතෘකා ඔස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරැන් විසින් මෙහිදී දේශන පවත්වන ලදී.
එදිනම සවස උසස් පෙළ ශිෂ්‍යාවන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්  ද සංවිධානය කර තිබිණි. උසස් පෙළ විභාගයට මුහුණදීමෙන් පසු විශ්වවිද්‍යාල වරම් ලබාගන්නා සහ රුකියා වෙත යොමුවීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා තමන්ගේ එම ක්ෂේත්‍රය තෝරාගැනීමේ වැදගත්කම පිළිබඳව ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී එල්.ටී.කිරිංගොඩ මහතා විසින් දේශනයක් පවත්වන ලදී.
සිසුන් අතර තොරතුරැ සන්නිවේදනය හා තාක්ෂණ විෂය ප්‍රචලිත කිරීම සම්බන්ධව  සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිගණක හා තොරතුරැ පද්ධති දෙපාර්තමේන්තුවේ ආචාර්ය ප්‍රියාන් මහතා ද මෙදින දේශනයක් පැවැත්වීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේ කඳවුරක් ද පැවැත්වුණි.
ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනි නයනා මාලි රොඩ්‍රිගු මහත්මියගේ මගපෙන්වීම යටතේ නියෝජ්‍ය විදුහල්පතිනි භාග්‍යා උස්ගොඩ ආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් හා පාසලේ සියලුම විද්‍යා ගුරැභවතුන්ගේ දායකත්වයෙන්  මෙම වැඩසටහන් සංවිධානය කර තිබිණි. 
  (ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.