ගාල්ල විද්‍යාලෝක විදුහලේ සුනාමි ආරක්ෂණ පෙරහුරැවක්
- 2019-01-31 15:48:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා වෙරළාසන්නයේ පිහිටි පාසල් තුළ සුනාමි ආරක්ෂණ පෙරහුරැ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන සැලසුම් කර ඇත.
එහි සමාරම්භක වැඩසටහන ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලොරිටා රාම්පුත්‍ර, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.කමලනාදන් යන මහත්ම මහත්මීහු ද මෙම වැඩසටහනට සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments