ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලෙන් දකිමු - බලමු පුංචි සිතට එකතු කරමු
- 2017-09-20 13:19:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ප්‍රාථමික අංශය සංවිධානය කළ ප්‍රායෝගික ශිෂ්‍යත්ව කඳවුර එම විද්‍යාලයීය පරිශ්‍රයේ දී පසුගිය දා පැවැත්වුණි.
‘ දකිමු, බලමු, පුංචි සිතට එකතු කරමු ‘ යන්න එහි තේමාව විය. විදුහල්පති රංජිත් තිලකරත්න, ප්‍රාථමික අංශයේ විදුහල්පති නයනප්‍රිය පෙරේරා යන මහත්වරැන්ගේ මඟ පෙන්වීම මත ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය මෙම ශිෂ්‍යත්ව කඳවුර සංවිධානය කර තිබුණි.
දකුණු පළාත් ප්‍රාථමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා චිත්‍රා බමුණුසිංහ, ගාල්ල කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුමේධා කාරියවසම් යන මහත්මීන් අතින් ශිෂ්‍යත්ව කඳවුර විවෘත විය. ‘ හරිත දනව්වයි, සුවබර දිවියයි, අහස් කුසෙන් මිහිතලයට බැස, පැන් පොදක අසිරිය සොයමු, ලක්වැසියෝ අපි නෑදැයේ, දැනගනිමු මං ලකුණු, සත්ව ලෝකයේ අසිරිය දකිමු යන විවිධ තේමා යටතේ නිර්මාණය කළ ප්‍රදර්ශන කුටි 13 කින් මෙම ශිෂ්‍යත්ව කඳවුර සමන්විත විය.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments