ගාල්ල ශාන්ත ඇලෝසියස් ප්‍රාථමික අංශයෙන් දෙනෙත සොයන විදු රසඳුන
- 2018-11-19 16:05:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ප්‍රාථමික අංශය පස්වැනි වරටත් සංවිධානය කළ ප්‍රායෝගික අධ්‍යාපනික කඳවුර දෙදිනක් පුරා එම විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි.
&දෙනෙත සොයන විදු රසඳුන* මැයෙන් එම ප්‍රදර්ශනය නම්කර තිබුණි. ප්‍රදර්ශන කුටි 14 කින් කඳවුර සමන්විත විය. විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට අමතරව ගාල්ල නගරයේ තෝරාගත් පාසල් රුසක ඉගෙනුම ලබන සිසුන්ට ද මෙම කඳවුරට සහභාගි වීමට අවස්ථාව උදාකර දී තිබුණි.
විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය භාග්‍ය නානායක්කාර, දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරැද්ධිකා කළහේවත්ත යන මහත්ම මහත්මීන් අතින් අධ්‍යාපනික කඳවුර විවෘත විය. විදුහල්පති නයනප්‍රිය පෙරේරා, ප්‍රාථමික අංශයේ විදුහල්පති අතුල රාජපුර යන මහත්වරැ ද එම අවස්ථාවට සහභාගි වූහ.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments