ගිංතොට මහ විදුහලේ සිසු නායක නායිකාවන්ට පදක්කම්
- 2019-05-28 22:15:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආර්ථික දුෂ්කරතා පැවතීම අධ්‍යාපනයට බාධාවක් නොවෙයි. උත්සාහය හා කැපවීම ඇත්නම් සියලු බාධක මැඩගෙන ඉදිරියට යමින් අධ්‍යාපනයෙන් උසස්ම ප්‍රතිඵල අත්කර ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා.
කොග්ගල ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් සුනිල් මද්දුමගේ මහතා ගිංතොට මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් එසේ පැවසුවේය.
විදුහල්පති මේජර් රෝහිත නන්දසේන මහතාගේ මග පෙන්වීම මත ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයන් 48 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවීම මෙහිදී සිදුවිය. ගාල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ඊ.වසන්ත මහතා ද මෙම උත්සවයට සහභාගි විය.
Reply To:
Name - Reply Comment
0 Comments