ගිනිගත්හේන ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යනායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2018-12-09 14:53:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන ප්‍රාථමික විදුහලේ වාර්ෂික(2018) ශිෂ්‍ය නිල ලාංජන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන රුස්වීම් ශාලාවේදි විදුහලේ ආදි ශිෂ්‍ය මෙන්ම පොලොන්නරැව අත්නකඩවල රෝහලේ දිසා වෛද්‍ය නිලධාරි වෛද්‍ය වයි.එල් සමන් කුමාර මුණිදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
ගිනිගත්හේන ප්‍රාථමික විදුහල්පති එච්.එම්.නිශාන්ත වීරසිංහ මහතා ප්‍රමුඛ ගුරැ මණ්ඩලය විසින් දෙගුරැන්ගේද සහාය ඇතිව සංවිධානය කර තිබු එම උලෙළේදී එම විදුහලේ නවක ශිෂ්‍ය නායක නායිකාවෝ 43 දෙනෙක් නිල ලාංජන පැලඳියහ. එම අවස්ථාවට හැටන් අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.වී.ප්‍රභාත් චන්ද්‍රනාථ,
විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂිකා පී.එච්.එම්.චන්ද්‍රලතා, විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එම්.පී.විජේරත්න හා ගිනිගත්හේන ප්‍රාථමික විදුහල්පති එච්.එම්.නිශාන්ත විරසිංහ යන මහත්වරැ ඇතුළු එම විදුහලේ සිසුහු හා ගුරැ දෙගුරැ පිරිසක් සහභාගී වූහ.
විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඩී.එම්.තරැෂ කවිෂාන් මිහිරංග සිසුවාට හා ප්‍රධාන ශිෂ්‍යනායිකා
ආර්.ප්‍රගීෂා ඩිනෙලි රාජපක්ෂ සිසුවියට වෛද්‍ය සමන් මුණිදාස මහතා නිල ලාංජන පලඳවනු
ලැබු අයුරැ හා එම ශිෂ්‍ය නායක මණ්ඩලය දිව්රැම් දුන් අයුරැ ඡායාරෑපවලින් දැක්වේ.
(ගිනිගත්හේන ජී.ගමආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments