චිත්‍ර ප්‍රදර්ශනයේ ජය ලැබූවන්ට සම්මාන හා සහතික
- 2018-01-26 21:56:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ ලිවර්ෆූල් හිදී පැවැති ළමා චිත්‍ර ප්‍රදර්ශනයක දී ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනකුට සම්මාන හා සහතික හිමිවූ අතර, එම සම්මාන හා සහතික බෙදාදීමේ උත්සවයක් හෝකන්දර ශ්‍රී සද්ධර්මරත්නාරාම විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්වුණි.
චිත්‍ර ශිල්පී, දේශමාන්‍ය රෝහණ කොස්තාගේ මූලිකත්වයෙන් මෙම ළමා චිත්‍ර ප්‍රදර්ශනය එංගලන්තයේ ලිවර්ෆුල් හිදී පවත්වන ලදී.
මෙම උත්සවයේ දී ළමයින් 2000 කට පමණ නොමිලේ පොත්පත් බෙදාදීමක් ද සිදුවූ අතර, ළමයින්ගේ විවිධ දක්ෂතා ද එළිදක්වන ලදී. සද්ධර්මරත්නාරාම විහාරාධිපති රලපනාවේ ආරියසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උලෙළේදී ප්‍රවීණ කලා ශිල්පීන් වන ඉසුරැ ජයරත්න, නිලාවතී, ටෝනිහසන්, ෆීලික්ස් ඇන්ටන්, රංජිත් ඩයස්, ඉල්ලියාස් බෙග්, සූරියකුමාර් මුත්තලගේ, මිස්ටර් බීග්, (ශ්‍රී ලංකා) ලංකා පෙරේරා සමග හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක උපනන්ද ගීගනගේ, අතුරැගිරිය ප්‍රජා පොලිස් පරීක්ෂක ආර්. එස්. කදිරගොන්න යන මහත්වරැ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූහ. උත්සව සභාව ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මෙහෙයවන ලදි.
(බෙත්මි අමල්යා)
Reply To:
Name - Reply Comment
0 Comments