Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපේකම රුක ගනිමින් ජන කවි සුරුකීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඉටුකරන සේවය ඉතා වටිනා බවත්, ඉදිරි පරපුර නිසි මගට ගැනීමට සහ ජනකවිය ඉදිරි පරපුරට දායාද කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඉතා අනර්ඝ බවත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ මානව අංශ සංගීත අධ්‍යයන අංශයේ උපදේශිකා තුෂාරි බොළුකඳුරගේ මහත්මිය පැවසුවාය. ඒ මහත්මිය එසේ පැවසුවේ රැවනාර ළමා සමාජයේ 14 වැනි රුස්වීම් වාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමෙනි.
මෙවර රැවනාර ළමා සමාජය උප සභාපති වොවිනි කහවේවිතාන, උප ලේකම් නර්තනා දසුනි මෙහෙය වූහ.
මෙවර ජනකවි ගායනය සඳහා වදීපා ප්‍රබෝදිනි, කුසලානි කිවින්ද්‍යා, තනුෂිනි, චතුනි, දිව්‍යාංගනා පෙරේරා, ලංකානාත්, සහන් ඩ්‍රම්ස් වාදනයෙන් සෙනාල් නවෝද යන දරැ දැරියෝ සහභාගි වූහ.
මෙවර වැඩසටහන සංගීත අධ්‍යක්ෂණය දර්ශන රත්නායක, තාක්ෂණික දායකත්වය තරිඳු දිසානායක, අධීක්ෂණය සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක, නිර්මාණ සැලසුම සහ නිෂ්පාදනය ප්‍රියන්ති ගමගේ යහම්පත් යන මහත්ම මහත්මීහු සිදුකළහ.
රැවනාර ළමා සමාජය ස්වදේශිය සේවය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 07 ලිපිනයට තම නම, ලිපිනය, දුරකථන අංකය සහිතව දන්වා එවීමෙන් එහි මීළඟ රුස්වීමට සහභාගි වීමට කැමති දරැවන්ට අවස්ථා ලබාගත හැකිය.
(සටහන හා ඡායාරෑප - 
රැෂිරැ තරංග)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.