ජල ජීවී ප්‍රදර්ශනය නරඹන්න පාසල් සිසුහුද එති
- 2018-04-10 20:41:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් හක්වටුනාඔය, මාඑළිය, සියඹලන්ගමුව යන ධීවර සංවිධානවල පූර්ණ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද විසිතුරැ මත්ස්‍ය ජල ජීවී වගා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පොල්පිතිගම මාඑළිය දිමුතු සුබ සාධක සමිතිශාලා පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා, වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුරාජ් සිරිසේන, වයඹ පළාත් සභා මන්ත්‍රී සෝමසිරි ගුණතිලක යන මහත්වරැ සහභාගී වූහ.
පාසල් සිසු සිසුවියෝ පිරිසක් එම විසිතුරැ මත්ස්‍ය ජල ජීවී වගා අධ්‍යාපනික ප්‍රදර්ශනය නරඹන අයුරැ.
(බිංගිරිය වික්ටර් සෝමවීර)
Reply To:
Name - Reply Comment
0 Comments