ජාත්‍යන්තර ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් ජයග්‍රාහකයෝ ඇගයේ
- 2016-12-07 23:58:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොවැම්බර් මස 09 වෙනි දින සිට 13 වෙනි දින දක්වා ඉන්දුනීසියාවේ දී පවත්වන ලද 2016 අන්තර් ජාතික ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 11 ක් ජයග්‍රහණය කර තිබීම නිසා ඔවුන් ඇගයීම සඳහා පැවති මෙම උත්සවයේ දී ජයග්‍රහණ ලබා ගත් සිසුන් වෙත පදක්කම් හා සහතික පත්‍ර ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හතා අතින් අද අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවත්විණ. ගණිත සහ විද්‍යා අංශවල අධ්‍යක්ෂවරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.
2016 අන්තර් ජාතික ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී ඉන්දිර කෙහෙනු බණ්ඩාර සන්දිරිගම, මලියදේව (පිරිමි) විද්‍යාලය,කුරුණෑගල, වීරකොණ්ඩ ආරච්චිගේ හවිදු දුලාජ් ප්‍රනාන්දු, රාජකීය විද්‍යාලය. කොළඹ සහ සවිදු අමාන් කහඳගමගේ, රිච්මන්ඩ් විද්‍යාලය,ගාල්ල යන සිසුන් රිදී පදක්කම් හා සහභාගිත්ව සහතික ලබා ගත් අතර, ඩෙහාන් නිසාජ දම්සෙත් කරුණාතිලක, ධර්මරාජ විද්‍යාලය,මහනුවර, දිසානායක මුදියන්සේලාගේ රනාලි පාරින්දියා රත්නවීර, මලියදේව (බාලිකා) විද්‍යාලය,කුරුණෑගල, සෙනෙවිරත්නලාගේ දහම්සි හිරුණිකා සෙනෙවිරත්න, මලියදේව (බාලිකා) විද්‍යාලය,කුරුණෑගල, පටබැදි මද්දුමගේ තිනාරා මෙත්නදී, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය,බදුල්ල, ලොකු පොන්නම් පෙරුමලාගේ දිලාන් විශ්ව නයනජිත්, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය,පොළොන්නරුව, ලියන පතිරණහෙලගේ නවෝද්‍යා සචින්තනී ලියනපතිරණ, මලියදේව (බාලිකා) විද්‍යාලය,කුරුණෑගල, රජමුනි දේවගේ ලිතිල චන්දූප කුලරත්න, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය,බණ්ඩාරවෙල යන සිසු දරුවන් ලෝකඩ පදක්කම් හා සහභාගිත්ව සහතික ලබා තිබෙනවා. රත්නායක මුදියන්සේලාගේ විකසිත කැලුම් චාමර, පස්සර මධ්‍ය විද්‍යාලය,බදුල්ල, වේලු සිවනේස්වරන් කවිෂානී, බදුල්ල දමිළ (බාලිකා) මහා විද්‍යාලය,බදුල්ල සහ සන්ද්‍රකාසන් තනිෂ්කර්, පස්සර දමිළ මහා විද්‍යාලය,බදුල්ල යන සිසු දරුවන් සහභාගිත්ව සහතික ලබා තිබෙනවා.
Reply To:
Name - Reply Comment
0 Comments