Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පවත්වන ලද ජාත්‍යන්තර තරැණ නව නිපැයුම්කරැවන්ගේ තරගාවලියේදී බලශක්ති පිරිමසන තාප උදුනක් නිර්මාණය කරමින් රන් පදක්කම දිනාගැනීමට මාවනැල්ල සහිරා මුස්ලිම් මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්. ඉසෙඩ් එම්.අයියාෂ් සිසුවා පසුගියදා සමත් විය. 
මෙම ලෝක තරැණ නව නිපැයුම්කරැවන්ගේ තරගාවලියට රටවල් 13 ක තරගකරැවන් 1500 ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර මෙම තරගාවලිය සැප්තැම්බර් 22-25 දක්වා පැවැත්වුණි. ලංකාවේ නිපැයුම්කරැවන් 07 දෙනෙකු සහභාගි වී සිටි අතර සහභාගි වූ සිසුන්  හත්දෙනාගෙන් පස්දෙනෙක්ම රන් පදක්කම් ද  රිදී හා ලෝකඩ පදක්කම බැගින් ද ලබාගෙන තිබුණි. 
සබරගමුව හා මධ්‍යම යන පළාත් දෙකම නියෝජනය කරමින් රන් පදක්කමක් ලබා ඇති මෙම සිසුවා 2013 -2015 යන වර්ෂවල කැලණි විශ්වවිද්‍යාලය හා නව නිපැයුම් කොමිසම යන ආයතනවලින් පවත්වනු ලැබූ සමස්තලංකා නව නිපැයුම් තරගාවලියේ දී මෙම සිසුවා රිදී පදක්කම් හා කුසලතා සහතික ලබාගෙන ඇත.   මේ සඳහා විද්‍යාලයේ ගුරැවරැන්  සහ මවුපියන් සහයෝගය ලබාදුන් බවත් ඉදිරියේදී තවත් නව නිර්මාණ සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. බලශක්තිය පිරිමසන තාප උදුන ක්‍රියාකරවීමෙන් අඩු විදුලි බලයකින් හා කෙටි කාලයකින් ආහාර පිස ගැනීමට හැකි බවද සිසුවා ප්‍රකාශ කළේය.
(දමුණුපොළ -  චමින්ද ජයලත්)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.