ජාත්‍යන්තර රතුකුරැස දින සැමරැමට පාසල් සිසුහුද එක්වෙති
- 2018-09-03 14:11:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැයි මස 8 වැනි දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර රතුකුරැස දිනය නිමිත්තෙන් මෙවර ජාතික උත්සවය අරණායක දී පැවැත්වුණි.
සිනාව යන්න තේමාව කොට ගෙන මෙවර උත්සවය පැවැති අතර අරණායක කේන්ද්‍ර කෙට ගෙන වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කෙරිණ. අරණායක ප්‍රාදේශිය සභාව අසල සිට අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත හත්ගම්පොළ මහ විදුහල,තල්ගස්පිටිය මුස්ලිම් මහ විදුහල,නාරංගල දෙමළ මහ විදුහල හා දිප්පිටිය මුස්ලිම් මහා විදුහල නියෝජනය කරමින් සිංහල,දෙමළ හා මුස්ලිම් පාසල්වල දරැවන් 150 කගේ සහභාගිත්වයෙන් සංහිඳියාව ගැන පුවරැ රුගෙන පා ගමන පැවැතිණි.
ජාතික සංහිඳියාව ගැන නාට්‍ය ද පාසල් ළමෝ ඉදිරිපත් කළහ. සහභාගි වූ සිසුන්ට පාසල් බෑග්ද පාසල් කිහිපයකට පාසල් උපකරණ ප්‍රදානයක්ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට රතු කුරැස සමාජයේ ජාතික සභාපති ජගත් අබේසිංහ,උප සභාපති උපාලි සිරිමාන්න,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර,අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසඩ් ඒ.එම්.ෆයිසාල්, රතු තුරැස සමාජයේ කෑගල්ල ශාඛාවේ විධායක නිලධාරී ආනන්ද උයන්ගොඩ යන මහත්වරැ ද සහභාගි වී සිටියහ.
(මොරොන්තොට එන් ආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments