ජාත්‍යන්තර වානිජ හා ආර්ථික විද්‍යා තරැණ සම්මේලනය්දී කොළඹ ආනන්ද විද්‍යාලයට ජයග්‍රහණ රුසක්
- 2017-12-06 12:26:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවේ ලක්නව් නුවර පැවති 4 වැනි ජාත්‍යන්තර වානිජ හා ආර්ථික විද්‍යා තරැණ සම්මේලනයට සහභාගී වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ වානිජ අංශයේ සිසුහු ජයග්‍රහණ කිහිපයක් ලබා ගැනීමට සමත්ව සිටිති.
ශ්‍රී ලංකාව සමග නේපාලය බ්‍රසීලය සහ ඉන්දියාව නියෝජනය කරමින් පාසල් හැත්තෑ අටක සිසු සිසුවියෝ මෙහි තරග සඳහා ඉදිරිපත්වී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ ආනන්ද විද්‍යාලයේ සිසුහු පරිසර හිතකාමි කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දෙවැනි ස්ථානයත්, සංස්කෘතික අංශය තුන්වැනි ස්ථානයත්, විෂය සමගාමි තරගය සහ වෙළෙඳ දැන්වීම් තරගය සඳහා සිව්වැනි ස්ථානයත් ලබා ගැනීමට සමත්ව සිටිති.
ඒ සඳහා සහභාගී වූ සිසුහු වන පසිඳු ජයසේකර, අචිර ඉන්දුජ, දේවින්ද සියඹලාගස්පිටිය, අශාන් කොඩිතුවක්කු, කේෂාන් ගුණසේකර, රවිෂ්ක චන්ද්‍රරත්න, රොමේෂ් ද සිල්වා, දිසිත් රවිමාල් සහ විනුර දුලාන් එස්.බී යමුනා කුමාරි සහ අශා දිල්රැක්‍ෂි ගුරැ මහත්මිය සමග ඡායාරෑපයේ සිටිති.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments