ජාත්‍යන්තර ශිෂ්‍ය කව තරගාවලිය - කෑගල්ල ස්වර්ණජයන්ති විද්‍යාලයේ ගුරැ සිසුහු ජ්‍යෙෂ්ඨ අංශයේ විශිෂ්ට
- 2018-08-21 11:14:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ශිෂ්‍ය කව තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ විශිෂ්ට සම්මාන හතරක් ලබාගත් කෑගල්ල ස්වර්ණජයන්ති විද්‍යාලයේ ගුරැවරැන් හා සිසුසිසුවියන් පිළිගැනීම කෑගල්ල නගරයේදි සිදුවිය
බංග්ලාදේශයේ දී පැවති මෙම තරගාවලිය සඳහා රටවල් දොළහක පාසල් හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා ගුරැවරැන් 2500කට අධික පිරිසක් සහභාගී විය. වයස් කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්විණි.
වයස 1සිට 5 දක්වා, 6සිට 10,සහ 11න් ඉහළ විශ්වවිද්‍යාල මට්ටම දක්වා ඉසව් හයක් යටතේ තරග පැවැති අතර කෑගල්ල ස්වර්ණජයන්ති විද්‍යාලයේ ගුරැවරැන් හා සිසුන් ජ්‍යෙෂ්ඨ තරග පහකට සහභාගි වෙමින් ඉන් තරග හතරකම විශිෂ්ට සම්මාන හතරක් දිනාගනිමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වී ඇත.
ඔවුන් පෙරහරින් පාසලවෙත කැඳවාගෙන යාම සිදුවිණි. මෙම අවස්ථාවට විදුහල්පති කේ. ඩී,වසන්ත කුමාර,ගුරැවරැ, මාපියෝ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ගලිගමුව රොහාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments