ජාතික ශිෂ්‍යභට බලකාය පොලිස් බාලක ඇගයීම් කඳවුර - 2018 සමස්ත ශූරතාවය - පානදුර රාජකීය විදුහලට අනූ ශූරත
- 2018-10-30 23:37:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ශිෂ්‍යභට බලකායේ පොලිස් බාලක ඇගයීම් කඳවුර 2018 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. එහි ශූරතාව පානදුර රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායමට ද, අනුශූරතාව මාරස්සන ජාතික පාසලට ද හිමිවිය.
පාසල් 25 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය භටයන් 625 ක් සහභාගි වූ මෙම කඳවුරේ දී තුන්වැනි ස්ථානය එල්ලක්කල මහා විද්‍යාලයට ද, සිව්වැනි ස්ථානය යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයට ද, පස්වැනි ස්ථානය දෙවනගම බලවත්ගම මහා විද්‍යාලයට ද හිමිවිය.
ශූරතා හිමිකර ගත් පාසල් සහ ශිෂ්‍ය භටයන් මෙසේය.
භට කාණ්ඩ පරීක්ෂණය
1.මාරස්සන ජාතික පාසල
2.රාජකීය විද්‍යාලය, පානදුර
3.හපුතලේ මහා විද්‍යාලය, තලාතුඔය
ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණය
1.හින්දු ජාතික පාසල - මාතලේ
2.වග ශ්‍රී රත්නසාර මහා විද්‍යාලය, මාතුන්මෝදර
3. 1.මහබෝධි ද්විතික පාසල, පල්ලෙවෙල
3.2.ගිරිඋල්ල මහා විද්‍යාලය, ගිරිඋල්ල
ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය
1.බලවත්ගම මහා විද්‍යාලය, දෙවනගල
2.මාරස්සන ජාතික පාසල, මාරස්සන
3.කෑගලු විද්‍යාලය, කෑගල්ල
ජීව වෙඩි තැබීමේ පරීක්ෂණය
1.ගිරිඋල්ල මධ්‍ය මහා විද්‍යාලය, ගිරිඋල්ල
2.වරාපිටිය මහා විද්‍යාලය, වරාපිටිය
3.1.පන්නම්පිටිය මහා විද්‍යාලය
3.2.තිත්තවැලිගොල්ල මහා විද්‍යාලය
අධ්‍යක්ෂ පරීක්ෂණය
1.රාජකීය විද්‍යාලය, පානදුර
2.බලවත්ගම මහා විද්‍යාලය, දෙවනගල
3.එල්ලක්කල මහා විද්‍යාලය, එල්ලක්කල
ඝණ සරඹ පරීක්ෂණය
1.රාජකීය විද්‍යාලය, පානදුර
2.අනුර මහා විද්‍යාලය, යක්කල
3.එල්ලක්කල මහා විද්‍යාලය, එල්ලක්කල
ශාරිරික අභ්‍යාස පරීක්ෂණය
1.රාජකීය විද්‍යාලය, පානදුර
2.එල්ලක්කල මහා විද්‍යාලය, එල්ලක්කල
3.මාරස්සන ජාතික පාසල, මාරස්සන
විවිධ ප්‍රසංග පරීක්ෂණය
1.රාජකීය විද්‍යාලය, පානදුර
2.මාරස්සන ජාතික පාසල, මාරස්සන
3.බලවත්ගම මහා විද්‍යාලය, දෙවනගල
දක්ෂතම අණ දෙන්නා
සැරයන් (පී/12/058) එම්.එන්.ජී.වෙත්තසිංහ (රාජකීය විද්‍යාලය, පානදුර)
අති ශූර ශිෂ්‍ය භටයා
සැරයන් (පී/12/058) එම්.එන්.ජී.වෙත්තසිංහ (රාජකීය විද්‍යාලය, පානදුර)
දක්ෂතම අණ දෙන්නා (සරන සරත්)
සැරයන් (පී/07/500) එල්.පී.ඩී.බී.පතිරණ (අනුර මධ්‍ය මහා විද්‍යාලය, යක්කල)
දක්ෂතම වෙඩි තබන්නා
සැරයන් (පී/08/073) කේ.ජී.ඩී.ආර්.නවරත්න (බටුහේන මහා විද්‍යාලය, හිදැල්ලන)
දක්ෂතම ආත්ම විශ්වාසී ශිෂ්‍ය භටයා
කෝප්‍රල් (පී/19/0096) එස්.එච්.ආර්.එම්.ගුණවර්ධන (වග ශ්‍රී රත්නසාර මහා විද්‍යාලය, තුන්මෝදර)
පුහුණුව බඳවා ගැනීම හා ජාත්‍යන්තර කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ කළුතර පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර පුෂ්පකුමාර යන මහත්වරැන් ඇතුළු විශේෂ අමුත්තෝ රුසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments